මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික

මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික

January 18, 2026   02:32 pm

මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා තිබේ.

කැරට් 3,563ක බරකින් යුතු මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි.

ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික් ගලක් ලෙස විද්‍යාත්මකව තහවුරු කර ඇති බව වාර්තා වේ.

මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර වන බව එම මැණික එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ලංකා මැණික් පර්යේෂණාගාරයේ ප්‍රධාන රත්නවේදී අශාන් අමරසිංහ මහතා කියා සිටියේය.