ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
January 16, 2026 04:10 pm
ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
