කාන්තාවන් දෙදෙනෙකුට නිවස තුළදී තියුණු ආයුධ ප්‍රහාරයක්

කාන්තාවන් දෙදෙනෙකුට නිවස තුළදී තියුණු ආයුධ ප්‍රහාරයක්

January 16, 2026   07:56 am

කාන්තාවන් දෙදෙනෙකු නිවසක් තුළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ සිද්ධියක් අහංගම, තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත කඩිනමින් අදාළ ස්ථානයට ගිය අහංගම පොලිසියේ නිලධාරීන් නිවස තුළ බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් දෙදෙනා රෝහල්ගත කර තිබුණි.

පොලිසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධයක්ද සමඟින් අත්අඩංගුවට ගත් බවය.

කෙසේවෙතත් තුවාලකාරියන් දෙදෙනා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවකි.

සැකකරු 52 හැවිරිදි තිත්තගල්ල, අහංගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන අහංගම පොලිසිය විසින් සිදුකරයි.