හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

January 14, 2026   10:40 pm

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අතරින් සැලකියු යුතු පිරිසක් තරුණ ප්‍රජාව වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා, 

‍"ලෝකේ වැඩිහිටියන්ගේ මරණවලින් බහුතරයක් සිදුවන්නේ හෘදය වස්තුව ආශ්‍රිතව සිදුවන්නාවූ හෘදයාබාධවලින්. හෘදයාබාධ ඇතිවන්නේ කිරීටක ධමනිවල අවහිරතාවලින්.  කිරීටක ධමනිවල සංකීර්ණ අවහිරතාවලට තියෙන මූලික විසඳුම හෘද ශල්‍යකර්මයක්. මේකේ නම බයිපාස් සැත්කම. දැන් බයිපාස් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ගොඩාක් වැඩි වෙලා තියෙනවා. තරුණ කට්ටියට වැළඳෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉස්සර අපි දැක්කොත් අවුරුදු 60-70 වයසේ අය තමා එන්නේ. දැන් අවුරුදු 25-30 සිට කට්ටිය එනවා. ශල්‍යකර්ම කරන්න අපිට ලොකු පොරොත්තු ලේඛණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම වර්ගවල බයිපාස් සැත්කම් සිදුකරනු ලබනවා. අපිට ගැලපෙනම දේ මෙවැනි රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම. ඒ සඳහා ශාරීරික ව්‍යායාම කිරීම, නිවැරදි ආහාර රටාව, මානසික ආතතිය පාලනය කර ගැනීම, රුධිරයේ කොලොස්ටරෝල් පාලනය කර ගැනීම බොහෝ වැදගත් වෙනවා."