එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
January 13, 2026 01:08 pm
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ලබා දෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
ඒ අනුව ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 4කි.
මෙම ආධාරවලට පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අවැසි හදිසි ආහාර සහ මුළුතැන්ගෙයි කට්ටල, සනීපාරක්ෂක කට්ටල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, මෙන්ම ගංවතුර අවම කිරීම සඳහා භාවිතයට ගන්නා වැලි කොට්ට සකසන පොලිසැක්ස් වැනි ද්‍රව්‍ය ද ඇතුළත් වේ.
