
පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙකුගෙන් ගල් ප්‍රහාරයක්
වැලිවේරිය ඇඹරලුව ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි අනූජා ශ්‍රියන්ති මහත්මියගේ නිවසට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊයේ (12) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියගේ නිවසට සහ වෙළෙඳසැලට මාර්ගයේ තිබෙන ගල් අහුලා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
අදාළ ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක මෙම ප්‍රහාරය එල්ල කරන අයුරුද සටහන්ව තිබුණි.
අද (12) උදෑසන ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය වැලිවේරිය පොලීසියට අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් වාර්තා වුණි.
http://www.youtube.com/embed/EDUxqDJzlHk
















































