චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් නායයෑම් 4,800ක් හඳුනාගනී
January 12, 2026 09:11 pm
'දිට්වා' සුළි කුණාටුවෙන් පසු චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් නායයෑම් 4,800ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය පවසන්නීය.
අද (12) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
එහිදී ඇය පවසා සිටියේ, දිට්වා සුළි කුණාටුව ඇතිවීමෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත භාවිත කර නායයෑම් සිතියම් ගත කිරීමක් සිදුකළ බවය.
එම සිතියම් විශ්ලේෂණය කිරීමෙන් මාධ්‍ය මඟින් මෙතෙක් වාර්තා කර ඇති නායයෑම් සංඛ්‍යාවට වඩා ඉතා විශාල ප්‍රමාණයක නායයෑම් සිදුවී ඇති බව හඳුනාගත හැකි වූ බවත් ඇය සඳහන් කළාය.
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය හරහා රට පුරා නායයෑම් සම්පූර්ණ ලෙස සිතියම්ගත කළ අතර, එමඟින් නායයෑම් සිදුවීම් සම්පූර්ණ සංඛ්‍යාව 4,800කට ආසන්න බව අනාවරණය වී ඇති බවද වාර්තා වේ.
"දිට්වා සුළි කුණාටුව ඇතිවුණ අවස්ථාවේදී චන්ද්‍රකා ඡායාරූප මඟින් ගත්ත තොරතුරු යොදාගෙන අපි නායයෑම් සිතියම් ගත කිරීමකට ලක්කළා. ඒ සිතියම් අනුව අපිට පෙනුනා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන නායයෑම්වලට වඩා විශාල ප්‍රමාණයක් නායයෑම තිබෙනවා කියන එක අපි හඳුනා ගත්තා. ඒ චන්ද්‍රකා ඡායාරූප හරහා 4,800ක පමණ ප්‍රමාණයක සංඛ්‍යාවක නායයෑම් සිදුවුණා."
ප්‍රශ්නය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රයෙන් කියලා තිබුණේ ස්ථාන 1,241ක විශාල නායයෑම දක්නට ලැබුණා කියලා. ඊට අමතරව කුඩා ඒවා තවමත් පරික්ෂා කරගෙන යනවා කණ්ඩි කඩාවැටීම් ඇතුළ මධ්‍ය පරිමාණ නායගිය ස්ථාන ගැන හැබැයි ඔබතුමියලා කියවා 4,800ක් නිරීක්ෂණය වෙනවා කියලා. ඒ කියන්නේ අරවගේ හතරගුණයක්. ඒ කියන්නේ කොස්ලන්නද වගේ විශාල ප්‍රමාණයේ නායයෑමද මේ 4,800?
ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව - "නැහැ මේකෙදී නායයෑමක් විදිහට පස්කඳු කඩාවැටීම් සුළු ඒවා පවා අපේ චන්ද්‍රකා ඡායාරූපවලින් අපි ලබාගෙන තියෙනවා. සමහර විට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාව ඉන්න සහ ඒ කියන්නේ මැදිහත්විය යුතු ස්ථාන හඳුනාගෙන ඇති නමුත් අපේ චන්ද්‍රකා ඡායාරූපවලට වනාන්තරයක් ඇතුළේ සිදුවුණ නායයෑමක් පවා අපේ ගණනයට ලක්වෙනවා. ඒකයි අපේ ප්‍රමාණ වැඩිවෙන්නේ."
ප්‍රශ්නය - ඒ කියන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ ඇති වුණ සම්පූර්ණ නායයෑම් ප්‍රමාණයද ? ඒක දිවයින් පුරාමද නැත්නම් මධ්‍යම කඳුකරය ආශ්‍රිතවද ?
ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව - "ඔව් දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ ඇති වුණ ඒවා. වැඩිපුරම තියෙන්නේ නායයෑම් තියෙන්නේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තමයි. නමුත් මේ සංඛ්‍යාව ලංකාව පුරාම නායයෑම් ගණනය කිරීමක්. සුළු පස් කඳු කඩාවැටීමක් වුණත් මේකෙදි අපි සලකා බලලා තියෙනවා"
