කථානායකවරයා පැවසු බවට ප්‍රචාරයවන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

කථානායකවරයා පැවසු බවට ප්‍රචාරයවන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

January 12, 2026   06:33 pm

“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත ” යන මැයෙන් ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අසත්‍යයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කර ඇත්තේ අදාල අසත්‍ය පුවත කිසිදු පදනමකින් තොරව පලකර ඇති බවට කථානායකවරයා දැනුම් දී ඇති බවය.

එමෙන්ම කථානායකවරයා කිසිදු අවස්ථාවක එවැනි සේවක පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට  උපදෙසක් ලබා දී නොමැති බවද පාර්ලිමේන්තුවේ මහලේකම්  කාර්යාලය දන්වා තිබේ.

තවද භෝජනාගාර අංශය ඇතුළු ඇතැම් සේවකයන් හොර රහසේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරට් පාවිච්චි කරන බවට තොරතුරු ලැබීමෙන් පසු කථානායකවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවට ප්‍රචාරය වන පුවතද අසත්‍ය බව සහ මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩදීම සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද පළවන වාර්තාවල ද කිසිදු සත්‍යතාවක් හා පදනමක් නොමැති බවද මහලේකම්  කාර්යාලය වැඩිදුරටත්  අවධාරණය කර සිටී.