header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් වෙරළ තීරය හරහා දිවයින තුළට
Jan 10, 202607:46 PM
පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් වෙරළ තීරය හරහා දිවයින තුළට
Mobitel 1278

UPDATE - ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය අද දින පස්වරු 3.30ත් 4.30ත් අතර මුලතිව් ආසන්නයේ ඊසානදිග වෙරළ තීරය හරහා ගමන් කර පස්වරු 5.30 වන විට යාපනයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 70ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (10) පස්වරු 8.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙනුයේ එය ඉදිරි පැය 12 තුළ බටහිර දෙසට ආසන්නව ගමන් කර ක්‍රමයෙන් දුර්වල වී අඩු පීඩන ප්‍රදේශයක් දක්වා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය පහතින්,

----------------------------------

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් ආසන්න වෙරළ හරහා දිවයිනට ඇතුල් වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද (10) පෙරවරු 11.30ට මුලතිව් සිට කිලෝමීටර් 20ක් පමණ නැගෙනහිර දෙසින් පීඩන අවපාතය පිහිටා තිබුණු බවය.

එම පීඩන අවපාතය හෙට (10) දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ උතුරු පළාතේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70ක් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ දක්වා තිබේ.

එමෙන්ම ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ අතර දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු පළාතේ පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

TCA_26011007_SN by poornima

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්