header logo
SLIC
උණුසුම් පුවත්
පෝලන්ත සිහිනය කටුනායකදී බොඳවෙයි - සිව්දෙනෙක් අත්අඩංගුවට
Jan 06, 202609:42 PM
පෝලන්ත සිහිනය කටුනායකදී බොඳවෙයි - සිව්දෙනෙක් අත්අඩංගුවට
EDEX

පෝලන්තය වෙත යාම සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු, කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුනන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (06) උදෑසන අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළක්ද, කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ යාපනය කරෙව්ති ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුද ඇතුළත් වේ.

පෝලන්තය වෙත නීත්‍යානුකූලව පිටත්ව යාම සඳහා වීසා ලබාගැනීමට, මෙම පුද්ගලයින් විසින් තැරැව්කරුවන්ට රුපියල් ලක්ෂ 64ක මුදලක් ගෙවා ඇති බවත්, ඒ අනුව වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් ඇගිලි සළකුණු ලබා දී ඇති බවත් වාර්තා වේ.

ඉන් අනතුරුව, ඔවුන් අද උදෑසන 6.00ට නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එහිදී ආගමන නිෂ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ වීසා බලපත්‍ර සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම හේතුවෙන්, එම ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇති අතර, සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී එම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන බව තහවුරු වී ඇත.

මෙම වීසා බලපත්‍ර ව්‍යාජ බව පිළිබඳව ගුවන් මගීන් එතෙක් කිසිදු දැනුවත්කමක් නොතිබූ අතර, මෙරටට පැමිණීමෙන් අනතුරුව ඒ සඳහා තවත් විශාල මුදලක් ගෙවීමටද ඔවුන් සූදානම්ව සිටි බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ