
මැතිවරණය ඉලක්ක කරගනිමින් අන්තර්ජාලයට ප්‍රවේශ වීම සීමා කර ඇති බවට එල්ල වන චෝදනා උගන්ඩා බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.
මැතිවරණ සමයේ දී රජය විසින් අන්තර්ජාලය අවහිර කිරීමට සැලසුම් කර ඇති බවට එරට ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් අදාල චෝදනා ප්‍රතික්ෂේප කරන බව උගන්ඩා බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
උගන්ඩාවේ මැතිවරණය එළඹෙන 15 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

















































