වසර 400ක් පැරණි ඩෙන්මාර්ක තැපැල් සේවය ලිපි බෙදා හැරීම නවතා දමයි

වසර 400ක් පැරණි ඩෙන්මාර්ක තැපැල් සේවය ලිපි බෙදා හැරීම නවතා දමයි

December 31, 2025   05:36 pm

වසර 400ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන 'PostNord' ඊයේ (30) සිට බලපැවැත්වෙන පරිදි එරට තුළ තැපැල් ලිපි බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නවතා දැමා තිබේ. 

ඒ අනුව තැපැල් ලිපි බෙදාහැරීම නවතා දැමූ ලොව පළමු රට බවට ඩෙන්මාර්කය පවත්ව තිබේ.

2000 වසරේ සිට එරට තුළ ලිපි බෙදාහැරීම් 90%කට වඩා පහතවැටී ඇති බව බෙන්මාර්ක ජාතික තැපැල් සේවය පවසයි.

ඒ හේතුවෙන් එරට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු කර සිය ආයතනයේ ලාභ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර ඇත.

මෙම තීරණය ක්‍රියාවට නැංවීමත් සමග ඩෙන්මාර්කය පුරා තැපැල් පෙට්ටි 1,500ක් පමණ ඉවත් කර ඇති අතර, සේවකයින් 4,600න් 1,500ක් පමණ සේවයෙන් පහ කිරීමටද තීරණය කර ඇති බව සඳහන්.