header logo
SLIC
උණුසුම් පුවත්
මේ වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි
Dec 31, 202504:09 PM
මේ වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි
Mobitel 1278

මෙම වසර අවසන් වීමට තවත් හෝරා කිහිපක් පමණක් ඉතිරිව තිබියදී පැය 08ක් තුළ දිවයිනේ ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම් 02ක් සිදුවුණි.

ඒ අනුව මෙම වසරේ වෙඩි තැබීමේ සිද්ධීන් 114ක් වාර්තා වී ඇති අතර එහදී පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් ඇත.

තවත් පුද්ගලයන් 57 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

ඊයේ (30) දිනයේ සිදු වූ මෙම වෙඩි තැබීම් දෙකම අපරාධ කල්ලි සාජිකයින් විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩිතැබීමෙන් අනතුරුව වෙඩික්කරු පලායන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දැරියක් මේවන විට රෝහලගතව ප්‍රතිකාර ලබයි.

වෙඩික්කරුට සිය ඉලක්කය වැරදී ඇයට වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ තරුණිය පදිංචි නිවස අසල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙක් සිටින අතර බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වයේ අයෙකුවන ඔහු මේවන විට බන්ධනාගාරගතව සිටින බවය.

ඉකුත් 22 වනදා නුගේගොඩදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා ආධාර අනුබලදී ඇති බවට බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන අවිශ්ක ඒෂාන් නැමැත්තා සැකකිරීම මත ඔහුගේ මව හා මස්සිනා ඉලක්ක කර ඊයේ වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වෙඩික්කරුවන් අසභ්‍ය වචනයෙන් බැණවැදී "බඩෝවිට උන්ට තොපි තමයි තොරතුරු දෙන්නේ" යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.

එම පුද්ගලයා කලක් ඒෂාන් නැමැත්තාගේ පාර්ශ්වය සමග සිට පසුව එම පාර්ශ්වයෙන් ඉවත්ව ඔහුන්ගේ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු බඩෝවිට අසංකට ලබා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැදවියෙකුට අද (31) උදෑසන නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, දිලිප් චතුරංග නොහොත් රජවත්තේ චතුවා නැමැත්තා බව පොලීසිය පැවසුවේය.

ඔහු ඉකුත් 13වනදා මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.

ඒ අනුව කළුතර බන්ධනාගාරයේ රඳවා තැබුණු ඔහු ඉකුත් 29 දා බන්ධනාගාර රැදවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රිවෝල්වරයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර වෙඩික්කරු පලාගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කළුතර නවීන් නම් අපරාධකරුගේ පාර්ශ්වයේ අයෙක්වන අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ උදරයට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට