මතුගම ප්‍රා.ස සභාපති පොලීසියට භාරවෙයි
December 31, 2025 01:04 pm
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලීසියට භාර වී තිබේ.
සභාපතිවරයා මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා හමුවට මෙලෙස භාර වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදී තිබුණි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළ කෙරුණි.
ඊයේ (30) උදෑසන ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේ ලේකම්තුමිය රැඳී සිටින කාර්යාලයට පැමිණ සභාපතිවරයා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධව ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී සිදුවූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී ඇතැයිද වාර්තාවේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.
