අලුත් වගකීමත් සමගින් ලසිත් මාලිංග යළි පිටියට
December 30, 2025 05:14 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් 15වනදා සිට ජනවාරි 25 දක්වා මාසයක කාලයක් සඳහා ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස පත් කර ඇති බව සඳහන්ය.
ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සූදානම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මෙමගින් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
