header logo
SLIC
උණුසුම් පුවත්
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යවසායයන්ට ලබාදෙන මූල්‍ය සහන ඉහළ නැංවීමට අනුමැතිය
Dec 30, 202503:08 PM
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යවසායයන්ට ලබාදෙන මූල්‍ය සහන ඉහළ නැංවීමට අනුමැතිය
EDEX

රට තුළ ව්‍යාපාරික අංශය කඩිනමින් යථාවත් කිරීම සඳහා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06ක සහන කාලයක් සහිතව වසර 03කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු මඟින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි 'විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය' නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.

එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 'RE-MSME = ආපදා සහන' ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන්ට මාස හයක සහන කාලයක් සහිතව වසර තුනකින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මඟින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ආපදාවෙන් බලපෑමට ලක් වී ඇති මහා පරිමාණ ව්‍යවසායයන් ඇතුළු සියලුම ව්‍යවසායයන් වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි සහ පෞද්ගලික බැංකු ද දායක කර ගනිමින් එකී ණය යෝජනා ක්‍රමය වැඩිදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

කැබිනට් තීරණ 29.12.2025 by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට