header logo
Vallibel FD
උණුසුම් පුවත්
නීතිවිරෝධී ලෙස මැණික් අපනයනය කිරීම් ඉහළ යාමක්
Dec 30, 202509:57 AM
නීතිවිරෝධී ලෙස මැණික් අපනයනය කිරීම් ඉහළ යාමක්
Mobitel 1278

නීතිවිරෝධී ලෙස මැණික් අපනයනය කිරීමේ සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

හික්කඩුව ප්‍රදේශයේ පැවති මැණික් සහ ස්වර්ණාභරණ වෙ‍ෙළඳ ප්‍රදර්ශනයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මැණික් ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය නිසි පහසුකම් නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"නීත්‍යානුකූල නොවන ක්‍රමයට රටින් මේ මැණික් එළියට යවන්න පෙළඹෙන ප්‍රමාණය වැඩියි. මොකද නීත්‍යානුකූල ක්‍රමයට කටයුතු කරන්න ගියාම කාලය යනවා. රස්තියාදු වෙනවා. පගාව දෙන්න වෙනවා. කරදර වෙන්න වෙනවා. එකම මැණික් ගලට තුන් හතර පාර ගාස්තු අය කරනවා. ඉතින් ඒක නිසා මිනිස්සු නිතැතින්ම පෙළඹෙන දෙයක් වෙලා තියෙනවා දැන් නීත්‍යානුකූල ක්‍රමය පැත්තක තියලා නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් රටින් මැණික් පිට කරන්න. ඒ වගේම රටට ඒ මැණික්වලින් හරි හමන් ආදායම වාර්තා වෙන්නේ නෑ. ඒක වෙලා තියෙන්නේ මේ කර්මාන්තය නිදහස් කර්මාන්තයක් හැටියට නෙවෙයි තියෙන්නේ. කර්මාන්තයේ අපි දැකපු අත්දැකීම තමයි මේ කර්මාන්තයේ නියැලෙන අයට මේකෙ රැඳිලා ඉන්න තියෙන ආසාව ඇති කරන මට්ටමට වඩා තියෙන්නේ, මේ කර්මාන්තය එපා කරවන මට්ටමක්. ඒ නිසා මේකෙ අවංකව ආදායම හෙළිදරව්වීමක් වෙන්නේ නෑ. ඒකෙන් වෙලා තියෙන පාඩුව තමයි රටේ ජාතික නිෂ්පාදයෙන් විශාල වටිනාකමක් ඩොලර් බිලියනයක්, බිලියන දෙකක් විතර එකතු වෙන්න ඕනි ඉලක්කමක් ඩොලර් මිලියන 200ක 300කට සීමා වෙලා තියෙනවා.

පසුගිය කාලයක් තිස්සේ මැණික් කර්මාන්තයෙන් රටට ගේන්න පුළුවන් ඇත්ත ආදායම ලැබිලා නෑ. අපිට වාර්ෂිකව ලැබෙන්නේ ඩොලර් මිලියන 200ක 300ක වගේ බොහොම පොඩි ආදායමක්. නමුත් මේක අගය එකතු කිරීම් පැත්තෙන් දියුණු කිරීම් පැත්තෙන් මීට වඩා විශාල ආදායමකට යන්න පුළුවන් එකක්. ඒකෙදි පළවෙනි දේ තමයි අපේ රටට අගය එකතු කිරීම සඳහා ගෙන්නන මැණික්වල ආනයනය කරන මැණික්වලට පාර්සලයකට එක බද්දක් පමණක් අය කරා. ඒකට කැබිනට් මණ්ඩලයත් අපි අනුමත කරලා. දැන් අපට තියෙන්නෙ අවසාන පියවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන එක. අපි හිතනවා අලුත් අවුරුද්දේ පළවෙනි ක්‍රියාමාර්ගේ විදියට පළවෙනි පාර්ලිමේන්තු වාරයකදීම ඒක අපට සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකෙදි අපි බලන්නේ නෑ ඒ මැණික් පාර්සලයේ තියෙන මැණික් ප්‍රමාණය ,වටිනාකම ඒක අපිට අදාළ වෙන්නේ නැ අපි බලන්නේ පහසුවෙන් ලංකාව ඇතුළට මැණික් ටික ගේන්න. ඒකට අගය එකතු කිරීමෙන් තමයි අපේ රටේ ආදායම වැඩි වෙන්න ඕනි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana