header logo
SLIC
උණුසුම් පුවත්
තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකක බෝම්බ බියක්
Dec 29, 202505:22 PM
තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකක බෝම්බ බියක්
Mobitel 1278

නාවලපිටිය, පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ විද්‍යුත් තැපෑලට අද පණිවුඩයක් ලැබී තිබුණි.

එම පණිවුඩය මත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද (29) හදිසි පරීක්ෂාවට ලක්කළ බව 'අද දෙරණ' වාර්තාකරු පැවසීය.

නාවලපිටිය පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත මෙම ඊ-මෙල් පණිවුඩය විදේශ රටකින් එවා තිබුණු බවත් එහි සඳහන්ව තිබුණේ, "කූඩාරමක් තුළ බෝම්බයක් ඇත. එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බව" යනුවෙනි.

ඒ හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම්වරිය එහි කාර්ය මණ්ඩලය සහ පැමිණ සිටි පිරිස ඉවත් කර තිබුණි.

පසුව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.

නාවලපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි සැකකටයුතු කිසිවක් නොමැති බවට තහවුරු විය.

සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලද විද්‍යාත් තැපැල් පණිවුඩයක් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය පරීක්ෂාවට ලක්කළ බවය.

මේ අතර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද අද (29) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලද විද්‍යුත් පණිවුඩය ව්‍යාජ බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පූජාපිටිය පොලීසිය සඳහන් කරයි.

එනමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඊයේ (28) විද්‍යුත් ලිපිනය මඟින්, යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමට ඉඩ ඇති බවත් නිලධාරීන් අද දහවල් 02.00ට පෙර ඉවත් වන ලෙසට දන්වා පණිවුඩයක් ලැබී තිබුණි.

එම පණිවුඩය පෙරේදා දින ලැබී ඇතිමුත් එදින නිවාඩු බැවින් එහි නිලධාරියෙක් එම විද්‍යුත් පණිවුඩය දැක තිබුණේ අද දිනයේ දීය.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත එහි නිලධාරියෙක් අද පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය සියලුම කාර්ය මණ්ඩලය ඉවත්කර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම නිල සුනඛයන් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පැය හතරකට ආසන්න කාලයක් එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප