ඩග් බ්‍රේස්වෙල්  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

December 29, 2025   10:01 am

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් සඳහා ඩග් බ්‍රේස්වෙල් ක්‍රීඩා කර ඇත.

ඔහු ටෙස්ට් කඩුලු 74ක් සහ එක්දින කඩුලු 46ක් දවා ගෙන ඇති බව ද සඳහන් වේ.