බදුල්ල - ස්ප්‍රිංවැලි මාර්ගයේ  බේලි පාලමේ වැඩ අවසන් අදියරේ

බදුල්ල - ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ

December 28, 2025   10:31 pm

​පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල - ස්ප්‍රිංවැලි මාර්ගයේ, ස්ප්‍රිංවැලි ප්‍රදේශයේදී දැඩි ලෙස හානි වී විනාශ වූ පාලම වෙනුවට විකල්ප පාලමක් ලෙස බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

​මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් මෙම මාර්ගය, ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතා මෙන්ම වතු ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහාද අතිශය වැදගත් මාර්ගයක් වේ.

එම පාලම විනාශ වීම හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණි.

ඒ අනුව මෙම බේලි පාලම සකසා ඇති අතර කඩිනමින් එහි වැඩ කටයුතු අවසන් කර වාහන ධාවනය සඳහා අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.