ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය T20 ක්‍රිකට් වාර්තා අලුත්වෙයි
December 28, 2025 09:06 pm
ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (28) සමත් විය.
තරග 5කින් යුත් මෙම තරගාවලියේ තිරුවානන්දපුරම්හිදී අද (28) පැවැත්වෙන තරගයේ දී කඩුලු 2කට ලකුණු 221ක් රැස්කරමින් ඔවුන් මෙම කඩඉම පසුකළේය.
මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2024 වසරේ දී බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 217/4ක් රැස්කර තිබීමය.
ඉන්දීය ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් දුන් ස්ම්‍රිති මන්දනා හා ශෆාලි වර්මා පළමු කඩුල්ලට ලකුණු 162ක් රැස්කළේය.
එහිදී මන්දනා පන්දු 48කින් ලකුණු 80ක් රැස්කළ අතර, ශෆාලි වර්මා පන්දු 46කින් ලකුණු 79ක් රැස්කළාය.
ඊට අමතරව රිචා ගෝෂ් පන්දු 16කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 40ක් රැස්කළේය.
මේ අතර මෙහිදී මන්දනා රැස්කළ ඉනිමත් සමග ඇය රැස්කළ ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 10,000 සීමාව පසුකළේය.
ඒ අනුව ඇය අඩුම ඉනිම් (281) සංඛ්‍යාවකින් එම කඩඉම පසුකළ ක්‍රීඩිකාව බවට පත්වූවාය.
ඇය විසින් පසුකරනු ලැබුවේ මිතාලි රාජ් ඉනිම් 291කින් පිහිටුවා තිබූ වාර්තාවය.
