මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු රෝහලට

මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු රෝහලට

December 27, 2025   09:50 pm

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් අද (27) පස්වරුවේ දුම්රියේ ගැටී තිබේ.

කොස්ගොඩ පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා බලපිටිය සහ කරාපිටිය ශික්ෂණ රෝහළට ඇතුළත් කළ බවය.

මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතියක් සවිකොට එහි වර්ණ යොදා මෙන්ම ආරක්ෂිත සීනුවද නාද වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය විසි වී ගොස් ඇති අතර මෝටර් රථයේ සිටි පියා, පුතා සහ ඥාති කාන්තාවක් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුර සම්බන්ධව කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.