header logo
SLIC
උණුසුම් පුවත්
''අධි අවදානම් කලාපවල ඇති නිවාස 5000කට නව ආරක්ෂිත ස්ථාන අවශ්‍යයි''
Dec 26, 202505:47 PM
''අධි අවදානම් කලාපවල ඇති නිවාස 5000කට නව ආරක්ෂිත ස්ථාන අවශ්‍යයි''
Mobitel 1278

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන තෙක් සිදු කරන ලද පරීක්ෂණවලදී නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල පවතින බව තහවුරු කරගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම පිරිස සඳහා ආරක්ෂිත ස්ථානයක නව නිවාසයන් ඉදිකර දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

එමෙන්ම මෙම දත්තයන් ඉදිරි සතියේ දී තවත් වැඩි විය හැකි අතර පර්යේෂණවල ප්‍රතිඵල සමග මෙම දත්තයන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා විශාල ප්‍රමාණයේ නායයාම් 1200කට අධික ප්‍රමාණයක් වාර්තා වූ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මහනුවර, කුරුණෑගල, මාතලේ කෑගල්ල, බදුල්ල සහ නුවරඑළිය යන ප්‍රධාන දිස්ත්‍රික්කයන්වලටය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 363ක්, මාතලේ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 162ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 219ක් වාර්තා වී ඇත.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 89ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 79ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 312ක් වාර්තා වී තිබේ.

මෙම භූමිවල ජනතාවට මේ වන නිවාස අහිමි වී ඇති අතර ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේය.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම ජනතාව වාසය කළ භූමි මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවත් ඒ සඳහා කණ්ඩායම් 50ක් යොදවා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව මහනුවරට කණ්ඩායම් 15ක්, බදුල්ලට කණ්ඩායම් 5, කෑගල්ලට කණ්ඩායම් 10 ආදී වශයෙන් නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් යොදවා පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටී.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ස්ථාන පරීක්ෂා කිරීම තව සති දෙකක් ඇතුළත අවසන් කරන බවය.

නායයාමේ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රදේශවල ජනතාව අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ මද අවදානම් ලෙස කාණ්ඩවලට බෙදා ඇති බවය.

එහි දී අධි අවදානම් කලාපය තවත් කොටස් තුනකට වර්ග කර ඇති අතර එම කාණ්ඩ තුන යටතේම සිටින ජනතාව එම ස්ථානයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

නායයාම් නිසා නිවාස අහිමි වූ පිරිස්, නිවාස ඉතිරිව තිබුණ ද ඉදිතලා ගොස් වාසය කිරීමට නොහැකි පිරිස හා නිවාසයට හානි වී නොතිබුණ ද අස්ථාවරත්වයක් ඇති, ඉදිරියේ දී නායයෑම් සිදුවිය හැකි බවට හදුනා ගත් පිරිස ද මෙලෙස අධි අවදානම් කලාපයට අයත් වේ.

ඒ අනුව යම් සුරක්ෂිත ස්ථානයක ඔවුන්ට නිවාස ලබාදීම කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම්වලින් අවතැන් වූ අයට සුරක්ෂිත භූමි පරීක්ෂා කර ඇති බවත් ඉන් භූමි 20කට පමණ සිය නිර්දේශ ලබා දුන් බවත් මෙහිදී අදහස් දක්වමින් ආසිරි කරුණාවර්ධන මහතා කියා සිටියේය.

එමෙන්ම ඔහු පැවසුවේ මෙම පරීක්ෂණවලට යම් කාලයක් ගත විය හැකි අතර සියලු ඉල්ලීම් පිළිබඳ නිරීක්ෂණය කර නිවැරදි තක්සේරුවක් ලබා දීමට උපරිමයෙන් කටයුතු කරන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප