අප්‍රිකාවේ උසම කන්ද මතට හෙලිකොප්ටරයක් කඩාවැටී අනතුරක්

අප්‍රිකාවේ උසම කන්ද මතට හෙලිකොප්ටරයක් කඩාවැටී අනතුරක්

December 25, 2025   09:31 pm

අප්‍රිකාවේ උසම කන්ද ලෙසින් සැලකෙන ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්ද මතට හෙලිකොප්ටරයක් ​​කඩාවැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය අද (25) තහවුරු කළේය.

ටැන්සානියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, කිලිමන්ජාරෝ කන්දේ බරෆු කඳවුර (Barafu Camp) අසලදී ඊයේ (24) මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇති බවය.

අනතුරට ලක්වූ හෙලිකොප්ටරය වෛද්‍ය ගලවාගැනීමේ මෙහෙයුමක යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇති බව කිලිමන්ජාරෝ කලාපයේ පොලිස් ප්‍රධානී සයිමන් මේග්වා පවසා තිබේ.

මියගිය අය අතර මාර්ගෝපදේශකයෙකු, වෛද්‍යවරයෙකු, ගුවන් නියමුවෙකු සහ විදේශීය සංචාරකයින් දෙදෙනෙකු සිට ඇති අතර, සංචාරකයින්ගේ ජාතිකත්වය හෙළිකර නොමැත.

අප්‍රිකාවේ උසම කඳු මුදුන වන කිලිමන්ජාරෝ කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 6,000 (අඩි 20,000) කට ආසන්න උසකින් පිහිටා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මීටර් 4,670 - 4,700ත් අතර උසකදී බව සඳහන්.

වාර්ෂිකව සංචාරකයින් 50,000ක් පමණ මෙම කන්ද තරණය කරනු ලැබේ.