ඉඩමක වල දමා තිබියදී තරුණයකුගේ මළ සිරුරක් හමුවෙයි

ඉඩමක වල දමා තිබියදී තරුණයකුගේ මළ සිරුරක් හමුවෙයි

December 25, 2025   05:11 pm

දින කිහිපයකට පෙර සිට අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුරක් කුලියාපිටිය තුම්මෝදර ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී සොයාගෙන තිබේ.

අතුරුදන් වී දින 9කට පමණ පසු අදාළ තරුණයාගේ මළ සිරුර මෙලෙස සොයාගෙන ඇති බව වාර්තා වේ.

28 හැවිරිදි එම තරුණයා අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් කුලියාපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදු කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ තරුණයාගේ මළ සිරුර වල දමා තිබූ ස්ථානය පිළිබද තොරතුරු අනාවරණය වී ඇත.

වන සතුන් සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් එම තරුණයා මියගොස් ඇති අතර පසුව ඔහු අදාළ ස්ථානයේ වළ දැමූ බවට එම සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.