ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

December 22, 2025   05:58 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

අද (22) පස්වරු 5.40ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් එස්.ජයිශංකර් මහතා මෙරටට පැමිණි බව 'අද දෙරණ' ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසීය.

ඔහු පිළිගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ මෙරට ඉන්දිය මහාකොසමාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බව සඳහන්ය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බවය.

සිය සංචාරය තුළ දී ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වි ඇති බව වාර්තා වෙයි.