
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැල්ලක අද (21) දහවල් හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.
විදුලි උපකරණ අලෙවිකරණ ගොඩනැගිල්ලක ඉහළ මහළයේ මෙම ගින්න හටගෙන තිබුණි.
ගින්න ඇතිවීමත් සමග ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ රථයක් පැමිණ විනාඩි 30ක පමණ කාලයදී ගින්න පාලනය කර තිබේ.
ඒ හේතුවෙන් ගින්න පහත මහල්කරා පැතිරීමද නවතාගැනීමට හැකිව ඇත.
ගිනි ගැනීම අතරතුර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා තිබූ අතර, මේ වනවිට එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබේ.
ගිනි ගැනීමෙන් සිදුවු හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැත.

















































