කරන්දෙනියේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
December 21, 2025 01:29 pm
කරන්දෙනිය පොලිස් වසමේ 3කණුව ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එහිදී ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන කරණ්දෙනිය 3කණුව ප්‍රදේශයේ පදිංචි " වීරේ" නැමති පුද්ගලයෙකු බව සඳහන් වේ.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය අප කළ විමසීමක දී සඳහන් කළේ පොලිස් භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය සහ වටිනාකම කොතෙක් ද යන්න පිළිබඳව තවමත් ගණනය කරමින් පවතින බවය.
