header logo
SLIC
උණුසුම් පුවත්
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්
Dec 17, 202505:14 PM
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්
EDEX

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොළොන්නරුව - මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ මඟී බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් මෙම අනතුරට මුහුණ පා තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මව හා එක් දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය මව වයස අවුරුදු 33ක් හා දරුවා වයස අවුරුදු 02ක් වූ මාවනාගම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11ක් වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇත.

බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight