ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්
December 17, 2025 01:56 pm
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙයට විරෝධය පළ කරමින් බදුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබේ.
වෛද්‍යවරයාගේ මෝටර් රථය පිටුපසින් ත්‍රිරෝද රථය නවතා තබා ඇති අතර, එය ඉවත් කරන ලෙස වෛද්‍යවරයා පැවසීමත් සමඟ උරණ වූ ත්‍රිවිල් රියදුරා වෛද්‍යවරයාට මෙලෙස පහරදී තිබේ.
මෙම වර්ජනය අද (17) සවස 4 වන තෙක් පැවැත්වෙන බවද වාර්තා වේ.
