මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

December 17, 2025   08:51 am

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සවස 4 සිට හෙට (18) පෙ.ව 7 දක්වා මෙම ජල සැපයුම අත්හිටවනු ලැබේ.