ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වියළි සළාක තොගයක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වියළි සළාක තොගයක්

December 16, 2025   05:47 pm

'දිට්වා' සුළි කුණාටුවෙන් විපතටපත් ජනතාව සඳහා සහන සැලසීම වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් වියළි සළාක තොගයක් මෙරටට රැගෙන විත් තිබේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ගුවන් යානයෙන් එම ද්‍රව්‍යාධාර තොගය මෙරටට රැගෙනවිත් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී වියළි ආහාර ටොන් 15ක් සහ ඖෂධ ටොන් 10ක් ඇතුළත් සහනාධාර තොගයක් මෙරටට රැගෙන විත් තිබේ.

එමෙන්ම ශෝර්යා නැමැති ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවෙන් ටොන් 50 බරැති වියළි සළාක  තොගයක් ඊයේ (15) දිනයේදීද මෙරටට එවා තිබු අතර, එම ආහාර තොගය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. 

මේ අතර "සාගර් බන්ධු" මෙහෙයුම යටතේ මෙරටට පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිය මානුෂීය මෙහෙයුම අවසන් කර පසුගිය දා (14) යළි ඉන්දියාවට පිටත්ව ගිය අතර, විපතට පත් ප්‍රජාවට සහාය වීමේදී එම කණ්ඩායම දැක් වූ කැපවීම සහ වෘත්තිමය දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණ.