කවුඩුල්ල ජලාශය අසල පහත්බිම්වල සිටින ජනතාවට දැනුම්දීමක්
December 16, 2025 05:05 pm
අද (16) හවස 5.00ට පමණ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එමගින් තත්පරයට ඝණ අඩි 500ක් කවුඩුලු ඔය වෙත මුදා හැරීමට අපේක්ෂා කරන බවය.
ඒ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති නොවන අතර පහත්බිම් පරිහරණය කරන ජනතාව අවධානයෙන් පසුවන්න ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
