header logo
SLIC
උණුසුම් පුවත්
තෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹෙයි
Dec 15, 202508:31 PM
තෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹෙයි
Mobitel 1278

දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් දෙසැම්බර් 16 දක්වා කල්දැමුණු, පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භවෙයි.

නමුත් අයහපත් කාලගුණයේ දැඩි බලපෑමට ලක්වූ ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත් තුනේ පාසල් 640ක් හෙට විවෘත වන්නේ නැත.

පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණත් පැවති කාලගුණ ආපදා හේතුවෙන් එය දෙසැම්බර් 16 දක්වා කල්දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව බස්නාහිර, දකුණ, උතුර , උතුරු- මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල පාසල් එලෙස හෙට ආරම්භ කෙරේ.

හෙට ඇරඹෙන පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන අතර දෙසැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 28 දක්වා නත්තල් නිවාඩු සමය ක්‍රියාත්මක වෙයි.

තෙවැනි වාරයේ තෙවැනි අදියර සඳහා නැවත පාසල් දෙසැම්බර් 29 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 31 වැනිදා දක්වා පවත්වා පාසල්වල තෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

නමුත් මුස්ලිම් පාසල්වල දරුවන් සඳහා හෙටින් ඇරඹෙන පාසල් වාරය ජනවාරි 2 වැනි දින දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර නත්තල් නිවාඩුවක් හිමිවන්නේ නැත.

එම දරුවන්ට දෙසැම්බර් 27 වැනි සෙනසුරාදා ද පාසල් පැවැත්වෙනු ඇත.

එමෙන්ම 2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා වන අධ්‍යයන කටයුතු ජනවාරි 22 ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත උපදෙස් දී තිබේ.

මේ අතර ආපදා හේතුවෙන් ප්‍රවාහන දුෂ්කරතා පවතින දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන සිසුන් සඳහා නේවාසිකාගාර පවතින පාසල්වල තාවකාලික පහසුකම් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන අපහසුතා පවතින හා ආපදාවට ලක්වූ පාසල්වල සිසුන්ට තම පදිංචියට ආසන්නතම පාසලෙහි තාවකාලිකව අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදිය යුතු අතර පාසල්වලට තාවකාලිකව ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකළ යුතුයි.

එසේම ආපදා සහන කටයුතු සඳහා සිසුන්ගෙන් කිසිඳු මුදලක් අයකිරීමට නොහැකි බවත්, ශ්‍රමදායකත්වය ලබාගන්නේ නම් අවුරුදු 14ට වැඩි සිසුන් පමණක් මාපිය අවසරය සහ ගුරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්බන්ධ කරගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

හෙට දින ආරම්භ නොකෙරෙන පාසල් අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ලබන දිනයකදී ආරම්භ කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පිරිස් පාසල්වෙත අද කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය.

මේ අතර ආපදාවට ලක්වූ පාසල් දරුවන්ට දෙසැම්බර් මාසය පුරා නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාමන මණ්ඩලය තීරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්