ආපදාවට පත් කර්මාන්තකරුවන්ට විශේෂ දැනුම්දීමක්
December 15, 2025 04:02 pm
ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව හෙට (16) දින පස්වරු 2ට පෙර දැනුම්දෙන ලෙස කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 0712 666 660 යන දුරකථන අංකය ඔස්සේ ආපදාවට පත් වූ කර්මාන්ත පිළිබඳ දැනුම් දිය හැකි බවය.
එමෙන්ම අදාළ තොරතුරු www.industry.gov.lk හරහා හෙට දිනයට පෙර සිදුකරන ලෙසත් අමාත්‍යාංශය දැනුම්දෙයි.
මේ අතර ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ තොරතුරු දැනුම්දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් විමසිය හැකි බව ද එම අමාත්‍යාංශය දැනුම්දෙයි.
කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානයට අද (15) දිනය වන විට ඇතුළත් වී ඇති දත්ත ප්‍රමාණය අනුව විමසීම් 18,321ක් වේ.
ඒ අතරින් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් නිෂ්පාදන අංශයට අදාළව ආපදාවට පත් කර්මාන්ත ගණන 6,362කි.
මේ අතර, ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 7,510ක් හා සුළු පරිමාණ ව්‍යාපාර 6,256ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 3,998ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 557ක් ආපදාවට පත් වූ කර්මාන්ත ලෙස තොරතුරු ලබාදී ඇත.
