header logo
SLIC
උණුසුම් පුවත්
ජනපති පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවෙයි
Dec 13, 202503:03 PM
ජනපති පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවෙයි
Mobitel 1278

ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

පසුගිය සුළි කුණාටුව රටටම එකවර මුහුණ දීමට සිදු වූ මෑතකාලීන විශාලතම ව්‍යසනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හමුවේ බිද වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ රාජ්‍ය නිලධාරින් සිදු කළ මහත් කැපවීම අගය කළ අතර, එම කැපවීම නිසාම විදුලිය ජලය සහ මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබා දීමට රජයට හැකි වූයේ රජය පවත්වා ගෙන යන ශක්තිමත් මූල්‍ය විනය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවු ගැටලුකාරී තත්ත්වයන් සලැකිල්ලට ගනිමින් අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තිය බිඳ වැටීමට ඉඩ නොතබන බවද පැවසීය.

දිස්ත්‍රික්කයේ විනාශ වූ මහා මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතු වලදී මතුව ඇති ගැටලු සඳහා අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසමින් එම අවස්ථාවේදීම විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

කලාඔය පහළ පාලම ඉදිකිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන පරිදි තාවකාලික පාලමක් එම ස්ථානයේ ඉදිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිකිරීම් සිදු කිරීමේදී එහි අත්‍යාවශ්‍යතාව පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සහ නිසි ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එමෙන්ම විශාල ඉදිකිරීම් කිසිදු ප්‍රයෝජනයකින් සහ අවශ්‍ය ප්‍රතිඵල සපුරා ගැනීමකින් තොරව අතහැර දමා තිබෙන ආකාරයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඉදිකිරීම් සිදු කිරීමේදී ප්‍රදේශයක් ලෙස පමණක් නොව රටක් ලෙස ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසු ජනාධිපතිවරයා එය කඩිනමින් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එමෙන්ම ජල සැපයුම යථාවත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු විමසීය.

දිස්ත්‍රික්කයේ ළිං පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා කඩිනමින් මැදිහත් වන ලෙසද පළාත් පාලන ආයතන වෙත උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මහ කන්නයේ වී වගාව සඳහා සූදානම් කිරීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද විමසු ජනාධිපතිවරයා වගාවන් සඳහා සුදුසු පරිසරයක් කඩිනමින් ගොවි ජනතාවට සකස් කර දෙන ලෙසත්, විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් අත හැරෙන භූමි ප්‍රමාණය හැකි තරම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දුන්නේය.

දෙසැම්බර් 25 වනදාට පෙර ගොවින්ට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවා නිම කරන ලෙසත්, එම වන්දි ගෙවීමේදී රක්ෂිතයේද, නිත්‍යානුකූලද නොසළකා වන්දි ලබා දෙන ලෙසත්, රක්ෂිතවල වගාව වැළැක්වීමට ක්‍රමානුකූලව පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.

කල්පිටිය වැනි ප්‍රදේශවල පාංශු සංරක්ෂණ කිරීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළ අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.

සත්ව කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග යළි නගා සිටුවීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා බිම් මට්ටමින් නිවැරදි තොරතුරු අවශ්‍ය බවත්, සෑම සත්ව ගොවිපොළක්ම ලියාපදිංචි කිරීම වෙනුවෙන් නීති හඳුන්වා දීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 627කට පූර්ණ හානි සිදුව තිබෙන අතර නිවාස 20,813 කට අර්ධ හානි සිදුව තිබේ.

එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය වන්දි ලබා දීම් කඩිනම් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා නැවත පදිංචි කිරීමේදී රජයේ ඉඩම්වල පදිංචි කරවීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, රජයේ ඉඩමක් සැපයිය නොහැකි නම් ඉඩමක් මිලදී ගැනිම වෙනුවෙන් හිමිවන මිලියන 05 ක මුදල ඔවුන්ට ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නේය.

එමෙන්ම පූර්ණ නිවාස හානි වූ ජනතාවට නිවාස ඉදිකරදීමේදී ලක්ෂ 50ක නිවසක හිමිකම ලැබෙන අයුරින් නිසි සැලැස්මක් අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ධීවර කර්මාන්තය පිළිබඳවද මෙහිද අවධානය යොමු වූ අතර හානි වූ ධීවර බෝට්ටු අලුත්වැඩියා කර ගැනීම සඳහා ආධාර ලබාදීම මෙන්ම ඉස්සන් ගොවිපොළ සඳහා සාධාරණ වන්දි මුදල් සහ බැංකු හරහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

හලාවත රෝහලේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලු අතර ලබන සතිය වන විට රෝගීන් නැවත ඇතුලත් කර ගැනීමේ සහ ඒකක කිහිපයක කටයුතු ආරම්භ කළ හැකි බව බලධාරිහු පෙන්වා දුන්හ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්