ඉන්දියානු මහකොමසාරිස්වරයා මහියංගනයට
December 12, 2025 06:37 pm
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අද (12) මහියංගනයේ ස්ථාපිත කර ඇති ඉන්දියානු ජංගම රෝහලේ නිරික්ෂණ චාරිකවට එක්විය.
මෙම ජංගම රෝහල ඉන්දියානු රජයෙන් ලබා දී ඇති අතර එය ගංවතුරින් හානියට පත් මහියංගන රෝහල යථා තත්ත්වයට පත්වන තුරුම ක්‍රියාත්මක විය.
මේ වනවිට මහියංගන රෝහලේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව මෙම ජංගම රෝහලේ වැඩ කටයුතු අද පස්වරුවෙන් අවසන් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නිතිඥ කපිල ජයෙස්කර මහතා, ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් වී. එස්. සරන්යා මහත්මිය, මහියංගන ප්‍රාදේශිය සභා සභාපති නිතිඥ උපේක්ෂා විජේතුංග මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
