header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 5,700 ඉක්මවයි
Dec 12, 202503:21 PM
ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 5,700 ඉක්මවයි
Mobitel 1278

පසුගියදා පැවැති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම නිවේදනයක සඳහන්ව ඇත්තේ ආපදාවෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,568ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ නිවාස 14,111ක් අර්ධ වශයෙන්ද හානි සිදුව ඇත.

දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 3,742ක් අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.

තෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 627ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 20,813ක් අර්ධ වශයෙන්ද හානි සිදුව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති එම වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම පිළිවෙළින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 594ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 578ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 317ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 234ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 225ක්ද පැවැති ආපදාවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

මේ අතර ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 86,147කට අයත් පුද්ගලයින් 330,443ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 80,375කට අයත් පුද්ගලයින් 287,364ක් ද, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 54,716කට අයත් පුද්ගලයින් 171,127ක්ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 27,234කට අයත් පුද්ගලියින් 90,140ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 26,474කට අයත් පුද්ගලයින් 88,899ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 23,704කට අයත් පුද්ගලයින් 77,694ක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 23, 324කට අයත් පුද්ගලයින් 83,482ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 22,562කට අයත් පුද්ගලයින් 74,084ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22,257කට අයත් පුද්ගලයින් 73,547ක්ද රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 19,092කට අයත් පුද්ගලයින් 74,277ක්ද ආපදාවෙන් වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම පැවැති ආපදාවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 640ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 234කි.

දෙවැනියට වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 90ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 61ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 36, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 29ක්ද වැඩිම මරණ ප්‍රමාණයක් ලෙසද වාර්තා වී තිබේ.

තවද ඇති වූ මෙම තත්ත්වය හමුවේ දිවයින පුරා සුරක්ෂා කඳවුරු 847ක පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813ක් මේ වන විටත් රැඳි සිටින බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඉන් වැඩිම සුරක්ෂා කඳවුරු ප්‍රමාණයක් පිහිටුවා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එහි සුරක්ෂා කඳවුරු 279ක පවුල් 7,952කට අයත් පුද්ගලයින් 27,227ක් රැඳී සිටින බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මින් පසුව වැඩිම සුරක්ෂා කඳවුරු ප්‍රමාණයක් පිහිටුවා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වන අතර එය 211කි.

එහි පවුල් 6,652කට අයත් පුද්ගලයින් 20,825ක් රැ ඳී සිටින බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂා මධ්‍යස්ථාන 147ක්ද, කෑගල්ලේ සුරක්ෂා මධ්‍යස්ථාන 104ක්ද, පිහිටුවා ඇති අතර එහි පිළිවෙළින් පවුල් 5,856කට අයත් පුද්ගලයින් 17,444ක් සහ පවුල් 2,980කට අයත් පුද්ගලයින් 8,658ක් රැඳී සිටින බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ