හයිඩර් අලිගේ ක්‍රිකට් තහනම ඉවතට

හයිඩර් අලිගේ ක්‍රිකට් තහනම ඉවතට

December 10, 2025   11:05 pm

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට පනවා තිබූ තාවකාලික තරග තහනම අවලංගු කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) තීරණය කර තිබේ.

පාකිස්තාන 'ඒ' (ෂහීන්ස්) කණ්ඩායම ඉකුත් සැප්තැම්බර් මාසයේ සිදුකළ එංගලන්ත සංචාරය අතරතුරුදී, එක්සත් රාජධානියේ උපන් පාකිස්තාන කාන්තාවක් ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කළාය.

කෙසේ නමුත් අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ  මැන්චෙස්ටර් නගර පොලීසිය, හයිඩර් අලි එරෙහි චෝදනාවන්ට ප්‍රමාණවත් සාක්ෂි හමු නොවූ බව පවසමින් එම මාසයේදීම ඔහු එම චෝදනාවන්ගෙන් නිදහස් කළේය.

හයිඩර්ට අදාළ චෝදනා එල්වීමත් සමග පාකිස්තාන ක්‍රිකට් ආයතනයද අභ්‍යන්තර පරීක්ෂණයක් ඇරඹූ අතර, ඒ හේතුවෙන් අදාළ විමර්ශන අවසන් වනතෙක් තාවකාලික තරග තහනමක්ද පැනවීය.

ඒ අනුව හයිඩර් අලිට පනවා තිබූ තහනම ඉවත්කිරීමත් සමග ඔහුට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහාද අවසර ලබාදී තිබේ.

ඔහු සමගින් මොහොමඩ් නවාස්, අබ්‍රාර් අහ්මඩ්, සහිබ්සාඩා ෆර්හාන්, ෆහීම් අෂ්රෆ්, හුසේන් තලාත් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම BPL ක්‍රීඩාකිරීමට නියමිතය.