ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

December 9, 2025   03:52 pm

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඉල්ලීමක් සිදුකර තිබේ.

පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙලක් රජය විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බොහෝ පිරිසක් පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි.

එහිදි වැඩිදුර අදහස් දැක්වු ජෝසප් ස්ටාලින් මහතා,

"අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව. දරුවෝ සම්බන්ධයෙන් මේ වෙද්දී තීරණය කරලා තියෙන්නේ රුපියල් 25000ක මුදලක් ලබා දෙන්න. දැන් සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ළමයින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒත් ඒ හරහා ළමයින්ට ලැබෙන සහන පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා නැහැ. පීඩාවට පත් වෙච්ච ගුරුවරු සහ විදුහල්පතිවරු ගත්තහම ඒ අය ණය අරන් තියෙනවා. ඇතැම් අය ජීවිතයෙන් පවා වන්දි ගෙවලා තියෙනවා. එතකොට මේ ලබා ගත්ත ණය සම්බන්ධයෙන් යම්කිසි සහනශීලී පිළිවෙලකට කටයුතු කරන්න ඕනි.රජය මැදිහත් වෙලා ණය අහෝසි කිරීමක් හෝ සිදු කරන්න ඕනි"‍