රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අල්ලස් දැලේ
December 8, 2025 06:39 pm
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකු අල්ලස් ලබාගැනීම සහ දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලික රක්ෂණ සමාගමක වාහන පරීක්ෂා කර ඊට අදාළ වාර්තාවන් ලබාදීම වෙනුවෙන් එම සමාගමේ නිලධාරීන් විසින් පිරිනමන ලද රු 6,415,050ක අල්ලස් මුදලක් භාරගෙන නීත්‍යානුකූල නොවන ආකාරයට රස පරීක්ෂක වාර්තා ලබා දී එම සමාගමට අයුතු ලාභයක් සලසා රජයට අයුතු අලාභයක් සිදුකර ඇතැයි අදාළ රාජ්‍ය නිලධාරියාට චෝදනා එල්ල වී තිබේ.
රාජ්‍ය සේවකයෙකු ලෙස තුටු පඬුරු භාරගැනීම සහ දුෂණය යන වරද සිදුකිරීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂකයෙකු වන ඩී.එච්.එල්.ඩබ්. ජයමාන්න නැමැත්තාව පසුගියා 5 වනදා දහවල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
