ලක්වාසී ජනතාවට සෙත්පතා කිරිවෙහෙරේ දී සර්වරාත්‍රික පිරිත් දේශනාවක්
December 7, 2025 03:30 pm
ඓතිහාසික කිරිවෙහෙර අභියසදී ඊයේ (06) රාත්‍රියේ සිට රැය පහන්වන තුරු සර්වරාත්‍රික මහා පිරිත් දේශනාවක් පවත්වා තිබේ.
මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සහ සමස්ත ලංකාවාසී ජනාවට සෙත්සුව ප්‍රාර්ථනා කිරීම මෙන්ම වියෝවූ මෙරට ආදරණීය ජනතාවට පිං අනුමෝදන් කිරීම අරමුණ කරගනිමින් මෙම පිරිත් දේශනය පවත්වා ඇත.
මෙම පිරිත් දේශනාව ශ්රවණයකිරීම සදහා සැදැවතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර කිරිවෙහෙර විහාරස්ථ කාර්යය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් මෙන්ම එම විරස්ථානයේ බැතිබර දායකත්වයෙන් එය පැවැත්විණි.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාමිහිපාණන් වහන්සේගේ අනුශාසනාව හා මගපෙන්වීම යටතේ මාතර,හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, අති ගෞරවනීය දේවාලේගම ධම්මසේන නාහිමි ප්‍රධාන, අවට විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදයෙන් මෙන්ම සහභාගීත්වයෙන් මෙම මහානුභාව සම්පන්න සර්වරාත්‍රික මහා පිරිත් දේශනාව පවත්වා ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඉතිහාසයේ අප මුහුණදුන් දැවැන්තම ජාතික ආපදාවට අපට මුහුණ දීමට සිදුවූ බවත්, එම ජාතික ව්‍යවසනයෙන් පසු මේවන විට අප මාතෘ භූමිය ක්රමක්ක්රමයෙන් නැගීසිටින බවත් ය.
ඒ සදහා නායක ස්වාමීන්වහන්සේලා ප්රමුඛ ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන සහ මෙරට ජනතාව විශාල මැදිහත්වීමක් සිදුකළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සැදැහැවත් අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඒච්.එම්. ජයවර්ධන, රුහුණු කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක නිළමේ තිළින මධුසංක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ ගිහි භාරකරු ශෂික බඔරැන්ද, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළුව අවට ගම්මානවල සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
