කැලණි ගඟේ දකුණු ඉවුරේ ගංවතුර ආරක්ෂණ වේල්ල සහ වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් පැතිර යන සමාජ මාධ්‍ය ප්‍රචාර අසත්‍යයි
November 29, 2025 11:08 pm
වික්ටෝරියා වේල්ල සහ කැලණි ගඟේ දකුණු ඉවුරේ ගංවතුර ආරක්ෂණ වේල්ල කැඩී යන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාර වන පුවත් අසත්‍ය බව අදාළ අංශ දැනුම් දී තිබේ.
වික්ටෝරියා වේල්ල කැඩීයාමේ අවධානමක් ඇති බවට මේ වනවිට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව වික්ටෝරියා බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජී.ඩී.අයි. ශාන්ත මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ, එම ප්‍රචාරයේ කිසිදු සත්‍ය තාවයක් නොමැති බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, වික්ටෝරියා බලාගාරයේ විදුලි ජණන කටයුතු සිදුකරමින් පවතින බවත් තමා ඇතුළු කාර්ය මණ්ඩලය අදාළ මෙහෙයුම් කටයුතු සිදුකරමින් බලාගාරය තුළ රැඳී සිටින බවය.
මේ අතර සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් ඇති “කැලණි ගඟේ දකුණු ඉවුරේ ගංවතුර ආරක්ෂණ වේල්ල පුපුරා යාමට අවදානමක් ඇත” යන පුවත අසත්‍ය පුවතක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙයි.
මෙවන් අයහපත් කාලගුණික තත්ත්වයක් අතරතුර, මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කිරීමෙන් වලකින ලෙසත් මෙවැනි පුවත් මගින් අනවශ්‍ය කලබලයක් ඇති නොකරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
