
දෙසැම්බර් 02, 03, 05 හා 09 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව අවලංගු කළ බව පොලීසිය නිවේදනය කර තිබේ.
එම සම්මුඛ පරීක්ෂණය නැවත පැවැත්වෙන දිනයන් පිළිබඳව පසුව දැනුම්දීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අපේක්ෂිත අයදුම්කරුවන්ට ඒ සඳහා පෙනී සිටීමට පවතින බාධා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

















































