header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
Nov 28, 202510:23 PM
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
Mobitel 1278

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් බදුල්ලේ සහ මහනුවර පමණක් මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 85 දක්වා අද ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් අදත් නායයෑම් කිහිපයක්ම වාර්තා විය.

මහනුවර හසලක පමුනුපුර ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදන්ව තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේය.

එමෙන්ම නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස නිවාස 05ක් නායයෑමට ලක්ව තිබේ.

එම නිවෙස්වල සිටි පුද්ගලයින් 12දෙනෙකු පමණ අතුරුදන්වී සිටින අතර එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව වාර්තා වේ.

මේ අතර අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම අගය දැක්වුණේ මිලිමීටර් 540.6ක් ලෙසය.

ඊට අමතරව මාතලේ කන්දෙනුවර, කෑගල්ල ඩොතෙලෝයා වතුයාය, මහනුවර නිල්ලඹේ සහ මහනුවර මාරස්සන යන ප්‍රදේශ සඳහා ගතවූ පැය 24 තුළ මිලිමීටර 400 ඉක්මවූ තද වැසි ඇද හැළුණි.

''දිට්වා'' සුළිකුණාටුවේ බලපෑමෙන් මේ වනවිටත් දිස්ත්‍රික්ක රැසකට ධාරාණිපාත වැසි ඇදහැලෙමින් පවතියි.

මෙම ධාරාණිපාත වර්ෂාව හමුවේ මහවැලි , කැලණි , කළු සහ මැණික් ගංඟා ආශ්‍රිතව මෙන්ම දැදුරුඔය, මහඔය, කලාඔය, සහ මල්වතුඔය ආශ්‍රිත ප්‍රදේශ රැසක මහා ගංවතුර තත්ත්වයක් ඇති විය.

කළු ගග ද්‍රෝණියට ඇදැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේත් කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ රැසක් ද ජලයෙන් යට වී ඇත.

එමෙන්ම මහවැලි ගඟ පේරාදෙණිය හා නාවලපිටිය ප්‍රදේශවලින් පිටාර ගැලීමෙන් මහ ගංවතුර තත්ත්වයක් ඇති විය.

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පැවතීම හේතුවෙන් ගම්පහ නගරය සදහා විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ පියවර ගත්තේය.

එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ අත්තනගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඉදිරි පැය කිහිපයේ ඇතිවිය හැකි බවය.

එම තත්ත්වයෙන් ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීමට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..