
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මැලේසියාවේ සිට කටුනායක බලා ඊයේ (27) රාත්‍රියේ පැමිණි 'එයාර් ඒෂියා' ගුවන් සේවයට අයත් යානයක් ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් වෙත හරවා යවා තිබේ.
මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 9.50ට මෙරට ළඟාවීමට නියමිතව තිබිණි.
ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණීමට තිබූ එක් ගුවන්යානයක් පමණක් මෙලෙස හරවා යවා ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක වෙත පැමිණීමට නියමිත ගුවන්යානා, ගොඩබැසීමට නොහැකි හදිසි වාතාවරණයක් ඇතිවුවහොත් එම ගුවන්යානා ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් යන ගුවන්තොටුපළ දෙක වෙත හරවා යැවීමට සැලසුම් කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පස්වරුවේ පැවසීය.

















































