බදුල්ලේ ස්ථාන 6ක නායයෑම් - 4ක් මරුට - 9ක් අතුරුදන්

බදුල්ලේ ස්ථාන 6ක නායයෑම් - 4ක් මරුට - 9ක් අතුරුදන්

November 27, 2025   07:30 am

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.