header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි
Nov 19, 202506:42 AM
හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි
Mobitel 1278

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුළි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවය.

එහිදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට විරුද්ධව සිය සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනයක් එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවට අදාළ ඉතා වැදගත් මඟ පෙන්වීම් කිහිපයක් සිදුකර තිබෙන බව සඳහන් කර සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණවලට අනුව නීතිය බලාත්මක කරණ ආයතන නිසි සැලකිල්ල යොදවා නඩු තීන්දුවේ නිරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කර නිසි ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවට සඳහන් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් අදහස් වන්නේ නීතිපතිවරයා මෙම නඩුව යළි සලකා බැලිය යුතුයි යන කාරණය බවත් පෙන්වා දුන්නේය.

මෙම නඩුවේ දෙවන විත්තිකරු වන හිටපු අමාත්‍යවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා නමැති නිලධාරියා එම විත්තිකරුගේ බිරිඳ සහ වයස අවුරුදු දෙකක දරුවා පැහැරගෙන ගිය බවත් ඊට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

එම මූලික අයිතිවාසිම් පෙත්සමේ තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාව තුළින් නෙවිල් සිල්වා නැමති නිලධාරියා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සියලු කරුණු සලකා බැලීමේදී මෙම නෙවිල් සිල්වා නමැති නිලධාරියා සාක්ෂි නිර්මාණය කළාද? යන බරපතළ සැකය මතුවන බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම සියලු කරුණු පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කිරීමට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සියලු කරුණු පිළිබඳව යළි සලකා බලා නීතිපතිවරයා තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තබන ලෙසත් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා සඳහන් කළේ, මෙම නඩු විභාගයේ මේ වන විටත් වසර නවයකට වඩා ප්‍රමාද වී ඇති බවත් නඩු විභාගය කඩිනමින් ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝගයක් නිකුත් කර ඇති බවය.

විත්තිය විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සලකා බලා තීන්දුවක් ගන්නා තුරු මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.

මෙහිදී විනිසුරුවරයාද සඳහන් කළේ, නීතිපතිවරයා මෙම නඩුකරය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්නා තුරු මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවය.

ඒ අනුව නඩුවේ හතරවන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටින මෙම රිය අනතුර හේතුවෙන් බරපතළ ආබාධිත තත්ත්වයකට පත්ව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රෝද පුටුවක් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා සාක්ෂි කූඩුව වෙත රැගෙන එනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා විරෝධතාවක් මතුකරමින් මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව පැවසුවේය.

සාධාරණ නඩු විභායක් ලබා ගැනීමට නම් සාක්ෂිකරුවන් විසින් පොලීසියට සිදුකළ ප්‍රකාශ විත්තියට ලබාදිය යුතු යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධිය සිදුවී වසර නවයකට ආසන්න කාලයක් ගත වී තිබුණත් මෙම සාක්ෂිකාර තරුණයාගේ ප්‍රකාශ තමන්ට පැමිණිල්ල විසින් ලබාදී නොමැති බව පැවසුවේය.

සාක්ෂිකරුවකු පොලීසියට ලබා දුන් ප්‍රකාශ නොමැතිව ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන්නේ කෙසේදැයි අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම තත්ත්වය සාධාරණ නඩු විභාගය නමැති සංකල්පය බරපතළ ආකාරයෙන් උල්ලංඝනය වන බවත් පැවසුවේය.

දේශපාලන අවශ්‍යතා මත එක් එක් පුද්ගලයින් කේන්ද්‍ර කර ගනිමින් මේ ආකාරයෙන් නඩු පැවරීමට හැකියාවක් නොමැති බවත් මෙම සාක්ෂිකරුවගේ සාක්ෂිය මෙහෙයවීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

සෙසු විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ද මෙම විරෝධතාවයට සිය සහාය පළ කළේය.

එම විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේ, මෙම අනතුරින් පසුව අදාළ සාක්ෂිකරු දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා දුන් පසුව පුනරුත්ථාපනය වී දීර්ඝ ප්‍රතිකාර ක්‍රියාදාමයකට ලක් වූ බවය.

මොහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් ඔහුගේ රෝගී තත්ත්වය හේතුවෙන් එය කර ගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සුලසිටර් ජෙනරාල්වරයා කියාසිටියේය.

මෙහිදී විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සාක්ෂිකරුගේ ප්‍රකාශයක් සටහන් කරගෙන නැද්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ, එවැනි ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවය.

සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක් නොමැතිව වුවද ඔහුගේ සාක්ෂි මෙහෙයවීමට හැකියාව තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා එසේනම් විත්තියේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කරගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගෙන් ‍රකාශයක් සටහන් කරගෙන මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එම දැනුම් දීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා දැඩි විරෝධය පළ කළේය.

මේ සිද්ධිය සිදුවී මේ වන විට වසර නවයකට ආසන්න කාලයක් ගත වී තිබෙන බවත් එතරම් පැරණි සිද්ධියක් ගැන දැන් ප්‍රකාශ සටහන් කර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එවැනි සාක්ෂියක කිසිදු වටිනාකමක් නොමැති බවත් පැවසුවේය.

සිද්ධිය සිදුවී වසර ගණනාවකට පසුව සටහන් කරගන්නා ප්‍රකාශයක් තුළ බරපතළ ගැටලු මතු විය හැකි බවත් එවැනි ප්‍රකාශයක් මත මෙම නඩුව මෙහෙයවීම සම්බන්ධයෙන් බිත්තිය තරයේ විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.

කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය සටහන් කර ගැනීම සම්බන්ධයෙන් තමා කරුණු අධ්‍යනය කර අධිකරණයට දැනුම් දිමක් සිදුකරන බවත් එතෙක් වෙනත් සාක්ෂිකරුවන් තුන්දෙනෙකු මීළඟ දින සාක්ෂි කැඳවීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව නඩුව යළි ජනවාරි මස 20 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින අදාළ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සුදත් අස්මඩල යන අය නම් කර තිබේ.

ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදා හැර සිටින අතර මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්