header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Nov 17, 202504:59 PM
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධියේ වීඩියෝ දර්ශන ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කළ බවය.

මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලීසියට නිරීක්ෂණය වී ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රදේශයේ සියලු ජාතීන් නියෝජනය වන ප්‍රදේශයක් වන බැවින්, යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදුකළ හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යෑමට විශාල ගැටලුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත වැඩම කරවා ගැනීමට කටයුතු කළ බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

ඊයේ (16) දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් වරාය පොලීසිය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරමින් පවතින අනවසර ඉදිකිරීම් නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වූ පිරිසක් කලහකාරී ලෙස හැසිරීමේ දී එය පාලනය කිරීමට පොලීසිය විසින් කටයුතු කළ ද කිසිදු අවස්ථාවක මහා සංඝරතනයට හෝ මහජනතාවට පහරදීමක් සිදුකර නොමැති බවද පොලීසිය අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

තවද මේ වනවිට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් එකඟතාවයකට පැමිණ ඇති බැවින් මෙසේ පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිම වහන්සේ නැවත වැඩම වීම සඳහා ගරු මහා සංඝරතනයට සහ දායක සභාවට භාරදී ඇතැයි ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අද දින මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ