
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ හේතුවෙන් ඉදිරි පැය 36ක කාලයක් තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.
අද (13) සවස 4ට පමණ සිදුකළ මෙම නිවේදනයේ දැක්වෙන පරිදි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්ය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

















































